Colombo Today Local News

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

rv33වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් “ටොප් ටෙන්” පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් පසුගිය (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියහ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා 12ක් පවත්නා බවත්, එයින් චෝදනා 3ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එදින පැමිණිලි කළ බවයි.

පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැමිණිලි කළ බවත්, මේ ආකාරයට දූෂිත ලැයිස්තුවේ ඉහළම 10 දෙනා ගැන විටෙන් විට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් රජයට පාඩුවී ඇති මුදල්වල වටිනාකම රු.බිලියන 32ක් පමණ වන බවත්, එයින් මේවන විට කරන ලද පැමිණිලි සමග අගමැතිවරයා රු.බිලියන 15ක්ද, රවී කරුණානායක මහතා බිලියන 10ක වංචාවක්ද කර ඇති බව පෙන්වාදී ඇති බවත්,ඉතිරි පිරිස් හා වටිනාකම් පසුව ක්‍රමයෙන් හෙළිකරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්වූ පළමු චෝදනාව වූයේ නීති විරෝධී ලෙස ආනයනය කළ ප්‍රා‍ඩෝ වර්ගයේ මෝටර් රථ 800ක් සහ බෙන්ස් වර්ගයේ මෝටර් රථ 900ක්, රේගුව විසින් රාජ සන්තක කළ යුතු බවට හෝ නියමිත රේගු ගාස්තු ගෙවීමකින් තොරව නිදහස් කළ නොහැකි බවට තීරණය කර තිබියදී රුපියල් ලක්ෂ 16 බැගින් සුළු මුදලක් ගෙවා නිදහස් කර ගැනීමට අදාළ සමාගම්වලට ඉඩලබාදෙමින් රජයට අති විශාල මුදලක් පාඩු කිරීම බව කියා සිටියේය.

මුදල් අමාත්‍යවරයාගේ දියණියට අයත් යයි සැලකෙන “ග්ලෝබල් පාර්ක්”නමැති සමාගම ඇපකරයක් නොමැතිව ගුදමක් ලබාදීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව ‍දෙවන චෝදනාව වශයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රවී කරුණානායක මහතාද අධ්‍යක්ෂ ධූරයක් දරන ලද සිංගප්පූරු සමාගමක ප්‍රධාන පරිපාලන නිලධාරියාට කොළඹ හිල්ටන් ‍හෝටලයේ නවාතැන් ගැනීමට පහසුකම් සලසාදී ඔහුගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයේ මහජන මුදලින් ගෙවීමට කටයුතු කිරීමෙන්ද ඔහු රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද පැමිණිල්ලේ තෙවන චෝදනාව ලෙස සඳහන්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

Related posts

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

රට විරුවන්ට විදුලි රිය ආනයනයට අවසර

colombotoday