Colombo Today Local News

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

නල්ලතන්නිය මරේ ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රීපාද රක්ෂිත මායිමේ පිහිටි පීක්ෆීල්ඩ් වතුයායේ “නිවාඩු නිකේතනයක්“ යැයි හදුන්වමින් ඉදිකිරීමක් සිදුවන භූමිය හා එම වතු යාය නැරඹීමට එහි පාලනාධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙරට දුරකථන සමාගමක කොටස් හිමිකාරීත්වයෙන් යුතු ඩුබායි කැපිටල් ගෘප් නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක ප්‍රධානියෙකු විසින් මීට සිවු වසරකට පෙර මිලදී ගෙන ඇති මෙම ඉඩමට ඔහු සහ අරාබි ජාතිකයන් නිතර හෙලිකොප්ටර් මගින් පැමිණෙන බැවින් එහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉදිකර තිබෙනවා.

සමාජ ජාලා ඔස්සේ මතුවූ විරෝධයත් සමග මධ්‍යම පරිසර අධිකාරිය මගින් එහි සිදුවන ඉදිකිරීම් තාවකාලිකව නවතා තිබෙනවා. ආදම්ගේ පාදය යැයි මුස්ලිම් ජාතිකයන්ගේ විශ්වාසයට අනුව ඉදිරියේදී එහි පැමිණෙන අරාබි මුස්ලිම් ජාතිකයන්ගේ නවාතැන් පහසුකම් පිණිස මෙය ඉදිකෙරන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන්නේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

09 11 12-1 12-412-5 12-7 12-8

 

Related posts

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday