මන්නාරම තලෙයිමන්නාරම ප්රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) දිනයේදී එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
වසර 08 ක් පූරාවටම මෙම කදවුර මේ ස්ථානයේ පිහිටා තිබුණ අතර, පසුගිය කාලය පූරාවටම දෙමළ ජාතික සන්ධානය විරෝධතා පවත්වමින් සදහන් කලේ , මෙම කදවුර එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවටයි .
මෙම විශේෂ කාර්ය බලකා කඳවුර මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, මෙහි අතිරේක ගබඩාව වව්නියාව කුරුක්කල් පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොදවා තිබෙනවා.