Colombo Today Local News

වරාය, මත්තල චීන සමාගම් දෙකකට… මහනුවර සිට හම්බන්තොට දක්වා සංවර්ධන තීරුවක් !

ranil w port

මහනුවර සිටි කොළඹ, හම්බන්තොට, වැල්ලවාය හරහා හම්බන්තොට දක්වා සංවර්ධන කොරිඩෝවක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සි‍ටියේ අද (31) බත්තරමුල්ල සුහුරුපායේදී පැවැති ලෝක නගර දිනය– (World Cities Day) සැමරුම් උත්සවයේදීය.

විශාලතම දියුණුව ඇති වන්නේ එම සංවර්ධන තීරුව පදනම් කරගෙනයි. ඒ වැඩකටයුත්ත සිදු කිරීමට නම් අපේ ආර්ථිකය වෙනස් විය යුතුයි. නව සංචාරක ව්‍යාපාර ඇති විය යුතුයි. නව කර්මාන්ත, ඩිජිටල් ව්‍යාපාර සියල්ලෙහිම දියුණුවක් ලැබිය යුතුයි. වසර 20 ක් ඇතුළත මේ දියුණුව ශ්‍රී ලංකාවේ ඇති කිරීම අපගේ අරමුණයි. අපට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. අප නොසිතූ ආකාරයකට ඉදිරියේදී මේ දියුණුව අත්කර ගැනීමට හැකි වේවි. යැයි අගමැතිවරයා එහිදී පැවසීය.

එමෙන්ම අධික ණයබර හේතුවෙන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවූ බවත් ඒ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කර, චීන සමාගම් දෙකකට වරාය සහ ගුවන්තොටුපල බදු දීමට එකවූ බවත්, ඒ හරහා විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බවත් අගමැතිවරයා පැවසිය.

Related posts

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday