Colombo Today Local News

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් මහතා අද (09)දින නියෝග කර තිබේ.

මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කර ඇත.

කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” හිමියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

Related posts

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

colombotoday

පොලිසිය කළේ ටෙලි නාට්‍යයක්.. මහසොහොන් බළකා කාර්යාලයෙන් සොයාගත්තේ දහම් පාසල් පොත්.. පෙට්‍රල් බෝම්බ තිබුණේ නෑ – අමිත් වීරසිංහගේ බිරිදගෙන් ආන්දෝලාත්මක කතාවක් .!

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday