Colombo Today Local News

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (09)දින පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසාසිටින්නේ, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි.

ඒ අනුව හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය.

අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් 08 දින පවත්වා කල්තබන ලද විවාදය ජනවාරි මස 10 වැනිදා දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාව විවාදය පැවැත්වීමට නියමිත අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 12 වැනි සිකුරාදා කාලය වෙන්කර ඇත.

Related posts

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

“මහින්ද සමරසිංහ කියන කාලකන්නියා එක්ක බැරිවුණා” – ආණ්ඩුව ඇතුලේ ගැටුම රංගේබණ්ඩාරගේ කටින් එළියට

colombotoday

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

colombotoday

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday