Colombo Today Local News

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබේ. දැනටමත් අදාළ රටවල කාන්තාවන් ලක්ෂ පහක් පමණ සෞදි අරාබියේ නේවාසිකව සිටීම මීට අදාළ ප්‍රධාන හේතුව,බව ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කරයි.

සෞදි අරාබි පිරිමින් විදෙස් කාන්තාවන් විවාහ කරගැනීම අධෛර්යමත් කිරීම ද මෙම තහනමෙහි තවත් අරමුණක් බව සදහන් වේ.

අධිකරණ අවසරයක් ලබා ගැනීම ඇතුළු නීතිරීති රැසකට යටත්ව විදේශ රටවල කාන්තාවන් විවාහ කරගැනීමට සෞදි අරාබියේ පිරිමින්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේවෙතත්, නව තහනම හේතුවෙන් කිසිදු හේතුවක් මත අදාළ රටවල් හතරේ කාන්තාවන් විවාහ කර ගැනීමට සෞදි පිරිමින්ට අවස්ථාව නොලැබෙන බව සදහන් වේ.

Related posts

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

Admin

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday