Colombo Today Local News

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරවීම් මඟින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණිනි.

නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර තිබේ.

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරැලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම
  • ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • වංචා කිරීම
  • අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව නින්දා කිරීම
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
  • හිරිහැර සිදු කිරීම සන්නිවේදනය කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ළමා අපයෝජනය
  • වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම

Related posts

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

Admin

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin