Colombo Today Local News

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඊ ආදායම් බලපත්‍ර පරිගණක පද්ධතියේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම් හේතුවෙන් මේ මස 27වනදා සිට ඔක්තෝබර් මස දෙවනදා දක්වා පළාතේ කිසිදු කාර්යාලයකින් වාහන බලපත්‍ර නිකුත් නොකරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්‍.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා දන්වා සිටි.

ඔහු සඳහන් කරන්නේ ,ඊ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය මගින් දැනට එක් පළාතක් සඳහා පමණක වාහන බලපත්‍ර නිකුත් කිරීම සිදු වුවත් ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් සඳහා ක්‍රියාත්ම කිරීමට යෝජිත බවයි.

ඒ සඳහා පරිගණක පද්ධතිය මේ වන විට වැඩි දියුණු කරමින් පවතින බවත් ලබන ඔක්තෝබර් මාසයේ තුන් වනදා සිට දිවයින පුරා මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

“වැඩ කරන්න බැරිනම් මම ඇමතිකම දාල යනවා“ අලි හබය නිසා ෆොන්සේකා කණස්සල්ලෙන්…

colombotoday

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday