Colombo Today Local News

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

mrt22

තමන් බලයට පත් කිරීමට කටයුතු කළ සිවිල් සංවිධාන හා එහි ප්‍රධානීන්ගේ වත්මන් හැසිරීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත්, ඔවුන්ගේ චෝදනාවලට තමන් කිසිසේතම පසුබට නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අල්ලස් කොමිසම සහ CID,FCID ආයතන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් පසුගියදා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඉන් පසුව ඇතිවූ තත්ත්වය පිළිබදව දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.
මගේ කතාව විනාඩි 45 ක කතාවක්‌. මගේ කතාව ගැන විවේචනය කරන කිසිම කෙනෙක්‌ මේක සම්පූර්ණයෙන්ම අහලා හෝ කියවලා නැහැ කියන ඒකයි මම විශ්වාශ කරන්නේ…. මාධ්‍ය මගින් පළවෙන්නේ හෝ ප්‍රචාරය වූයේ කතාවේ කොටස්‌ විතරයි. මුළු කතාව කියවන්නේ නැතිව පුංචි ළමයි වගේ සමහරු කලබලවීම ගැන මම පුදුම වුණා. සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යවරු මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා පිළිතුරු දෙනවා මම දැක්‌කා.

ඇත්තටම ඒ අය මාව බලයට පත්කරන්න වැඩ කරපු අය විදිහට, මගේ කතාව අහලා මොන්ටිසෝරි වැඩ කරන එක නෙමෙයි, ඔවුන්ට කරන්න තිබ්බේ. බුද්ධිමත්, පරිණත අය විදිහට මාව හම්බුවෙලා හෝ කෝල් එකක්‌ දාලා ඔවුන්ට මගෙන් මේ ගැන අහන්න තිබබා. අපිට මේ ගැන ප්‍රශ්න තියෙනවා…” කියලා මේ ගැන මගෙන් ඇහැව්වා නම්, මේක අපිට බේරගන්න තිබුණා. මගේ මුළු කතාව කියවන්නේ නැතුව දුවලා ගිහිල්ලා, පුංචි ළමයි කරනවා වගේ, මට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා තිබ්බා. මාව විවේචනය කරන අය එක්‌කෝ මේ කතාව සම්පූර්ණයෙන්ම කියවලා නැහැ. නැත්නම් අනවබෝධය. මේ කතාව හොඳ වුණත් නරක්‌ වුණත් මට විරුද්ධව කුමන හෝ ප්‍රහාරයක්‌, ඔහේ වනලා ගැසීමේ වුවමනාවත් සමහරුන්ට තිබ්බා. මම මේ කිසිදේකින් පසුබසින කෙනෙක්‌ නෙමෙයි. යහපාලන සංකල්පය සහ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිත් එක්‌ක ආණ්‌ඩුව ඉදිරියට ගෙන යැම සඳහා මම පදනමක්‌ දැම්මා. මෙතැනින් ඉදිරියට මේ අඩුපාඩු, වැරදි සිදු නොවීය යුතුයි.

Related posts

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

අන්තර්ජාලය හරහා වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් කාත්තන්කුඩිදී TID අත්අඩංගුවට

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

colombotoday