Colombo Today Local News

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පසුගියදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

මෙම අපරාධය සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය ද සමඟ ඊයේ (06) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

වෙඩික්කරුවන් වෙත යතුරුපැදිය ලබා දී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පසුගිය 30 වනදා මෙම වෙඩි තැබීම සිදු කර වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටිය දී වයස අවුරුදු 20ක් වූ අදාළ තරුණයා ඝාතනය කර තිබුණි.

Related posts

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – ඇමති මනුෂ නානායක්කාර කියයි

Admin

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin