අක්රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද (15) රාත්රි 8.00 ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණි.
මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි විය.