Colombo Today Local News

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද (27) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු නමැති (77) හැවිරිදි පුද්ගලයෙකි.

කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

“අගමැති රනිල් සමග තවත් වසනු බෑ..“ අගමැතිට එරෙහිවූ ශ්‍රිලනිප ඇමතිලාගෙන් ජනපතිට ලිපියක්

colombotoday

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

colombotoday

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday