Colombo Today Local News

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (26) පෙරවරුවේ මෙම පිරිස පෑලියගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේ දී ඇතිවු ගැටලුවක් මුල් කරගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබු අතර ඊට අධිකරණය ඊයේ (25)දින වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසැල් වසා දමමින් වෙළඳුන් සිය කටයුතුවලින් වැළකී සිටියේය.

Related posts

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති අත්හිටුවා ඇත්තේ ටෙන්ඩර් මගඩියක් නිසා ??

colombotoday

නව ව්‍යවස්ථාවකට මෙය උචිත අවස්ථාව නොවේ – රෝහණ මහා සංඝ සභාවත් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin