Colombo Today Local News

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරතුරේදී සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට පමණ අද (20) පස්වරුවේ නතරවිය.

වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක අගමැතිවරයා, සභා නායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සභාවේ නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කළහ.

සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසිනි.

මේ අවස්ථාවේදී මුලසුනේ සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාගේ දැනුම් දීම අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව ඊයේ පස්වරු 2.50 ට පමණ නාද කෙරිණ. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණ ඝනපූර්ණය සම්පූර්ණවීමෙන් පසුව සභාවේ කටයුතු යළි ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

අපි කවුරුත් එකඟතාවයකට ඇවිල්ල තමයි සභාව පවත්වා ගෙන යන්නේ. මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ කමිටුවල හිටියා. අගමැතිතුමාත් හිටියෙ ඒ රැස්වීමක. මේවා ඔක්කොම පාර්ලිමේන්තුවේ කටයුතු. මෙහෙම කළොත් ඒ කමිටු පවත්වාගෙන යන්න බැරිවේවි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:

මේ වගේ වැදගත් වෙලාවක විපක්ෂය මේ විදිහට හැසිරීම කණගාටුදායකයි.

Related posts

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

colombotoday

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ T-56 පිටුපස නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්!

Admin

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

colombotoday

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

colombotoday

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

colombotoday