Colombo Today Local News

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු සොයා සිදුකළ මෙහෙයුමක දී ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබේ.

සැකකාර පාතාල සාමාජිකයා මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි තැබීමකින්.

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි. පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

මිනුවන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අදාළ නිවසේ සැකකරුගේ බිරිඳ, දරුවා සහ මව සිට තිබේ.

නාවික හමුදාවේ සේවය කර ඇති මරණකරු 29 හැවිරිදි වියේ පසු වූ මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය, ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (ෂොකෝ ) සමග එක්ව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

colombotoday

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

colombotoday

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටියදි අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකුට කොරෝනා..

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday