Colombo Today Local News

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝග්‍රෑම් 8කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය කලපුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (12)දින කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල පාර්සල් හතරක අසුරන ලද රත්තරන් තොගය සොයා ගත් බව ද නාවික හමුදාව සඳහන් කරයි.

මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා, රත්තරන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

Related posts

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

colombotoday

ගම්මන්පිලගේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin