Colombo Today Local News

මහාසංඝරත්නයේ විරෝධයට ආණ්ඩුව දන නමයි.. ‘රණවිරු දඩයම් පනත‘ තාවකාලිකව අකුලා ගනී !

අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරුදන් වූවන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියට එකග වීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ බව අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති අතර එහි ඇති විද්‍යාත්මක ගැටළු නිවැරදි කර පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.

යුද සමයේ සමයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රණ විරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එම පනතද සුදුසු නැති බවත් ඊයේ පස්වරුවේ අස්ගිරි මහා විහාරයට රැස්වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් රජයට දන්වා සිටියා.

මේ අතර පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනතෙක් විවාදය කල්තබන්නැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද ඊයේ ජනාධිපතිවරයා මුණගැසී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ඊයේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඒ පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුක් බැහැ දැකීමෙන් අනතුරුවයි.

Related posts

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday