ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (03 වැනිදා) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
මේ අතර ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් අගහරුවාදා (02) දිනයේ දී අගමැතිවරයා හා නීතිපතිවරයා කැදවා ඇත.