Colombo Today Local News

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

mahinda korea

තමන් ආණ්‌ඩු කරන සමයේ තමන්ට වැඩ කිරීමට සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) දකුණු කොරියාවේ සෝල් නුවර දී ශ්‍රී ලාංකික පිරිසක්‌ අමතමින් සඳහන් කළේය.

එකල තමන් සමඟ සිටි ඇතැම් ඇමැතිවරු වත්මන් පාලනය යටතේදීත් ඇමැතිවරු ලෙසම කටයුතු කරන බවත් තමන් සමඟ ඡායාරූප ගැනීමට තැත් කළ මැති ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයා සමඟ ද එලෙසම ඡායාරූප ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

තමන් ගත් ණය ප්‍රමාණය රටේ සංවර්ධනයට යෙදවූ බවත් එය රට තුළ පෙනෙන්න ඇති බවත් තමන්ගේ පාලන සමයේ විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන නවයක්‌ බව වත්මන් ආණ්‌ඩුව පවසන බවත් ඔහු පැවසී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.

“අපි රුපියල් බිලියන 9 ක්‌ ණය අරගෙනලු. ඒ ප්‍රමාණය ඔවුන් දිනෙන් දින වැඩි කර පෙන්වනවා. අපි ණය ගත්තේ රටේ අවශ්‍යතා දැනගෙන ඒ අනුවයි. මේ වන විට වත්මන් ආණ්‌ඩුව ඊට වඩා ණය ලබාගෙන තිබෙනවා. ඒ ණය මුදල්වලට මොකද කළේ කියා ඇහුවහම කියන්නේ රාජපක්‍ෂ ණය ගෙවන්න යෙදවූ බවයි. ඒක පුදුම කතාවක්‌ තමයි. වැඩ කරන්න බැරි වුණාම සේරම රාජපක්‍ෂ වැරදි ගොඩට දානවා. අපි රටට අවංකවම වැඩ කරලා තිබෙනවා. අපි රටට බොරු කළේ නැහැ. අපි කළ වැඩවලින් දශමයක වැඩක්‌ වත්මන් ආණ්‌ඩුව රටට කරලා නැහැ. නමුත් කියන්නේ රට දියුණු කරනවා කියලයි.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday