සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන ගල් අරක්කු මිල අඩු කළ යුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
රජයේ ආදායම අඩු වුවත් මෙම තීරණය ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. හෙතෙම මේ බව පැවසුවේ අද (24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීය.
ඇමතිවරයාගේ යෝජනාවට පක්ෂව එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග සහ පළාත්සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතාද අදහස් පළ කළේය.