Colombo Today Local News

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (29)දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡා දෙකකට එක්වෙමිනුයි.

පළමුව වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවකට එක් වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක්වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි.

එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුනි.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පළ කළ අදහස් ඇතුළත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.

Related posts

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin