ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය අද (26)දින සිට ක්‍රියාත්මක වේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය, පසුගිය 15 වැනිදා නිකුත් කෙරුනු අතර අද සිට ඖෂධ වර්ග 60 ක මිල 16% කින් පහළ යනු ඇති.
ආනයනික ඖෂධ මිල එලෙස පහත දැමීමට කටයුතු කර ඇත්තේ, ඩොලරයේ අගය පහළ යාම හේතුවෙනි.
ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 ක නව මිල රුපියල් 3 යි ශත 49 කි.
ඉන්සියුලින් මිලිග්‍රෑම් 10 ක උපරිම සිල්ලර මිල රුපියල් 2270 ක් ෙව්.