Colombo Today Local News

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

35 හැවිදිරි කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇය සිය ස්වාමිපුරුෂයා සහ දරුවන් සමග කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇත.

ඇගේ ස්වාමිපුරුෂයා කැකිරාව පොලීසියට කළ පැමිණිල්ලක සඳහන් වන්නේ, අද (02) අලුයම් කාලයේදී කිසිවෙකු විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

ඒ අවස්ථාවේ සිය බිරිඳ නිවසේ වෙනම කාමරයක නිදා සිට ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වන්නේ නැත.

කැකිරාව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Related posts

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

යාපනය අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 400ක් නිදහස් කරයි…

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin