Colombo Today Local News

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

මාලදිවයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සහයක ගුවන් නියමුවකු ඔහු නවාතැන් ගෙන සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයේ උද්‍යානයක ඇද වැටී මීගමුව රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කටුනායක පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 64 හැවිරිදි සහයක ගුවන් නියමුවෙකි.

මෙම ගුවන් නියමුවා මාලදිවයිනේ සිට පැමිණ රාත්‍රිය ගත කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

මොහු නවාතැන් ගෙන සිටි හෝටලයේ උද්‍යානයක වැටී සිටින අයුරු දුටු හෝටලයේ සේවකයන් වහාම එය හෝටල් කළමනාකාරීත්වයට ද දැනුම් දී හෝටලයට අයත් වාහනයකින් මීගමුව රෝහලට රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා මොහු මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

මෙම සහයක ගුවන් නියමු වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කටුනායක පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

Related posts

සා.පෙළ විභාගය මැයි

colombotoday

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි…

colombotoday

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

colombotoday

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin