Colombo Today Local News

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

මේ මාසයේ සිට ලබන සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියානු සංචාරක මගී ප්‍රවාහන නෞකා 13 ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගත වූ බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසයි.

සකසුරුවම් කාණ්ඩයේ සංචාරක නෞකාවල සිට ඕනෑම සුඛෝපභෝගී නෞකාවක් දක්වා සියලු පහසුකම් සැපයීමට වරාය මෙහෙයුම් කටයුතු සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියූ මහතා සඳහන් කරයි.

ඒ අනුව, ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින්ට,චෙන්නායි සිට හම්බන්තොට දක්වා සංචාරක නෞකා සේවාව ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් ය.

ගිවිසුම්වලට අනූව මගීන් 745 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට පළමුව මෙරටට පැමිණිමට නියමිතයි.

එය මෙරට තවත් ප්‍රධාන නෞකා ගමනාන්ත 3ක් අතර යාත්‍රා කිරීමට සැලසුම් කර තිබේ.

ඉන්දියන් සාගරයේ කෘස් නෞකා සඳහා ඉහළම පහසුකම්වලින් සමන්විත වරාය ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය නම් කළ හැකි බව ද, ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩි දුරටත් සඳහන් ක‍රයි.

Related posts

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday