Colombo Today Local News

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජනමත විචාරණයක්‌ පවත්වන බවත් එලෙස ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් ඵලක්‌ නොවන බවත් සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පසුගියදා ගම්පොල ප්‍රදේශයේ නව පර්යේෂණාගාරය සහ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උළෙල දීය.

නව ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයකින් රටේ ඇති බහුතරයකගේ සහයෝගය ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවසී ය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

“යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කළ පසු රජය විසින් ජනමත චිචාරණයකට එය යොමු කරනවා. ජනමත චිචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් රටට වැඩක්‌ නැහැ. ජනමත විචාරණයකට අපි ඇයි බයවෙන්නේ.

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් රටේ අති බහුතරයේ සහයෝගය එයට ලබාගත හැකි බව රජයට විශ්වාසයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය පමණක්‌ පාවිච්චි කරලා සම්මත කරන්නේ නැහැ. ජනතාවගේ කැමැත්ත අනුවයි රජය කටයුතු කරන්නේ. අපි ජනමත විචාරණයකට කිසි දවසක බිය වෙන්නේ නැහැ.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

Related posts

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

colombotoday

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

Admin

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday