Colombo Today Local News

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රී පාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසයි.

ඒ හිමියෝ මේ බව කියා සිටියේ ඊයේ (07) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවක දීය.

පසුගිය වසරේ අවාරයේ සිරිපා කරුණා කළ ඇතැමුත් ජාතීන් අතර අසමගියක් ඇති කරන පරමාර්ථයෙන් විවිධ කටයුතු සිදු කර තිබීම නිසා මෙම තීරණය ගත් බවත්, අවාරයේ දිවා කාලයේ ශ්‍රීපද කරුණා කරන සංචාරකයන් නල්ලතන්නිය පොලිසිය දැනුම්වත් කර යා යුතු බවත් ඒ හිමියෝ පැවසූහ.

අන්‍යාගමික පිරිස් සමග එකතු වී ශ්‍රී පාදස්ථානය සර්වාගමික මධ්‍යස්ථානයක් කිරීමට ධම්මදින්න හිමියන් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි. පසුගිය දා ශ්‍රීපාද පද්මයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට යාමේදී ධම්මදින්න හිමියෝ එයට ද විරෝධය දැක්වූහ.

ආදම් නමැති නබිවරයාගේ පාදය ශ්‍රීපාදස්ථානයේ තබා ඇතැයි ඉස්ලාම් භක්තිකයෝ විශ්වාස කරති. එම විශ්වාසය වඩාත් උනන්දුවෙන් අරාබිකරයේ ඉස්ලාමීය රටවල මෑත කාලීනව ප්‍රචලිත කරමින් පවතින අතර, ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ඉස්ලාම් භක්තිකයන්ද පෙර වසරවලට සාපේක්ෂව වැඩි වශයෙන් ශ්‍රීපාද කන්ද තරණය කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

ශ්‍රීපාදය පාමුළ වතු යායක් මිළට ගත් අරාබි ජාතික ව්‍යාපාරිකයෙකු පසුගිය සමයේ එහි නවාතැන්පොළක් ඉදි කිරීම ආරම්භ කිරීමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය. ශ්‍රී පාදයට පැමිණෙන අරාබි ජාතිකයන්ට නවාතැන් සැපයීම සහ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් එහි ඉදිකිරීමට සූදානම් වන බව කියැවිණි.

Related posts

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පෝලිම් හදපු පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කරනවා… ඉන්ධන ඇති තරම් තියෙනවා – ඇමති කංචන දනුම් දෙයි

Admin

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

පිපිරීම තවම අභිරහසක්.. අවුරදු තිහක යුද සමයේදීවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. ආරක්ෂක අංශ විමතියෙන් !

colombotoday