Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව අද රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කියයි.

අදාල නිලධාරියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පත් නොකරන ලෙස දිගින් දිගටම දුම්රිය බලධාරීන්ට දැනුම් දුන්න ද ඒ පිළිබඳව අවදානය යොමු නොකරන බව කී කසුන් චාමර මහතා එම සංගමයේ විධායක සභාව හදිසි වැඩවර්ජනයකට යෑමට තීරණ කළ බව ද සඳහන් කරයි.

Related posts

මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා -වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday

පිටකොටුව, වේල්ල වීදියේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

colombotoday

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday