Colombo Today Local News

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය සඳහන් කරසිටියි.

අනුරාධපුරය – දහයියාගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.

වසන්ත සොයිසා ඝාතන සිද්ධියට අදාළ ඔහු වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය පෙබරවාරි මස 9 දා ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කළේය.

Related posts

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

මේ ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් භාණ්ඩාගාරය කොල්ල කෑවා – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday