Colombo Today Local NewsHot News

අනේ අපොයි !! ලොවක් මවිතකළ හමුදාවක්, දේශද්‍රෝහී ඩොලර් කාක්කෙක් ඉදිරියේ පීචං කර දමයි

කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් එළිපිට පෙනී සිටිමින්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ලෝකය පුරා දුර්මත ප්‍රචාරය කිරීමේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියාත්මක වූ පාක්‍යසෝති සරවණමුත්තු නමැත්තා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඊයේ පැවති උපාධිප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීකරවාගෙන තිබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ “සංහිදියාව සදහා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකායේ“ සභාපතිවරයා ලෙස කටයුතු කළේද පාක්‍යෙසෝත් සරවණමුත්තුය. ශ්‍රී ලංකා හමුදාව නීති විරෝධී වද කදවුරු පවත්වාගෙන ගිය බවත්, දෙමළ ස්ත්‍රීන්ට ලිංගික හිරිහැර සිදුකරමින් සිටින බවත් එම කමිටුව විසින් මීට මසකට පෙර ඉදිරිපත්කළ වාර්තාවකින් චෝදනා කර තිබිණි. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව මේ මොහොතේත් ක්‍රියාත්මක වී සිටින මෙම දේශද්‍රෝහියා හමුදාවේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීකරගැනීම විමතිය දනවන කරුණකි.

ඒ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවැනි සටහනකි.

අනේ අපොයි!!

රාජ්‍ය නොවන සංවිධාන (NGO) නමින් ක්‍රියාත්මක වන බටහිර රජයන්ගේ ආධාරයෙන් නඩත්තු වන සංවිධාන ගැන මා අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ රටේ මේ සංවිධාන ජාලය මෙහෙයවන දේශීය ඒජන්තයන් කිහිප දෙනකු ඇත. ඒ අතුරින් ප්‍රධාන පුද්ගලයකු වන්නේ පාක්‍යසෝති සරනවමුත්තු නැමැත්තාය. ඔහු සාම කාක්කෙකි; රටට ද්‍රෝහීව කටයුතු කළ, විදේශයන්ට ගතු කියා රට අමාරුවේ දැමූ NGO කප්පිත්තා ය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ තවත් ආයතන ගණනාවක් හරහා සිය විදේශීය ලෝලීත්වය පෙන්වූ නොම්බර එකේ (අ)වැඩකාරයෙකි.

මට උදේ පාන්දර මේ පුද්ගලයා ගැන කියන්නට ඕනෑ වුයේ ඊයේ රාත්‍රී හීනයක් දැකීම නිසා නොව අද “The Island” පුවත් පතේ පළ වූ ප්‍රවෘතියක් නිසාය. ජායාරූපයක් ද සහිතව පළකර තිබු මේ පුවතේ හැටියට ඊයේ දිනයේ කොළඹ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්තාත් උපාධි පීඨයේ විද්‍යාපති උපාධි පාඨමාලාවේ ආරම්භක උත්සවයේ ආරාධිත අමුත්තා ය. ලොවක් පුදුමයට පත්කළ මහා යුද ජයග්‍රහනයක අභිමානවත් හිමිකරුවන් වූ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් මේ පුද්ගලයාට ආරාධනා කිරීමේ නිවට තීරණය ගත් පුද්ගලයා කවුදැයි මම නොදනිමි. එහෙත් රටටත් ජනතාවටත් ත්‍රවිධ හමුදාවටත් ද්‍රෝහීව කටයුතු කළ තුට්ටු දෙකේ පුද්ගලයකු මෙවැනි අවස්ථාවකට වද්දා ගැනීම අමනෝඥ, තකතීරු ක්‍රියාවකි. යුද හමුදාවත්, රටේ විශ්ව විද්‍යාල පද්ධතියත් අවමානයට ලක් කල සිදු වීමකි. මේ NGO කපිත්තා ගෙන්වා ගැනීම ගැන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලජ්ජාවට පත් විය යුතුය. වෙන ගෙන්වා ගන්නට කෙනෙක් මේ රටේ සිටියේම නැද්ද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් නැගිය යුතුය.

චන්න ජයසුමන

Related posts

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday