Colombo Today Local News

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

2020 එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු යැයි ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් සිය මතය ප්‍රකාශ කර නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුගේ අකමැත්තක් නොමැති බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට අතුරලියේ රතන හිමියන් ගත් තීරණය ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය මත ගත් තීරණයක් බවද පැවසේ. රතන හිමියන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කරයි.

විවිධ මත දරණ පාර්ශව ඒකරාශි කරගෙන පුළුල් ජාතික බලවේගයක් ගොඩ නැගීමට රතන හිමියන් තීරණය කර ඇති අතර ඒ සදහා මූලික මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කෙරී ඇති බවද පැවසෙයි. එම බලවේගය හරහා රටට අහිතකර ආණ්ඩුවේ ඇතැම් තීරණවලට එරෙහිව විරෝධයක් ඇති කිරීමටත්, එමගින් ආණ්ඩු විරෝධි ජනමතය එම බලවේගය වටා ඒකාරශී කරගැනීමටත් කටයුතු කෙරෙනු ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් රතන හිමියන්ගේ පූර්ණ ආශිර්වාදය ඔහුට ලැබෙනු ඇති බවත්, 2015 ජනපතිවරණයට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ භූමිකාව මෙන්ම 2020 ජනපතිවරණයට අතුරලියේ රතන හිමියන්ගේ භූමිකාවද තීරණාත්මක ලෙස බලපානු ඇති බවට විචාරක මත පලවෙයි.

Related posts

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

colombotoday

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday