Colombo Today Local News

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ එම යෝජනාව 2023.02.27 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති බවයි.

එහිදී ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා එකී යෝජනාව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එම නියෝජිතායතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිව ලබාදීමට තීරණය කර ඇත.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ජනපතිගේ අවසන් බලාපොරොත්තුව සුන්වෙයි !

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday