ව්‍යාජ රථවාහන ලියකියවිලි සහ හැඳුනුම්පත් සකසා වාහන අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විවිධ ප්‍රදේශවල ඇති වාහන කුලී පදනම මත ලබාගෙන එම වාහනවලට ව්‍යාජ ලියකියවිලි සකසා වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි සඳහන් වෙයි.
එලෙස අලෙවි කරන ලද ත්‍රීරෝද රථයක්ද, හැඳුනුම්පත් දෙකක් සහ රියදුරු බලපත්රයක්ද සොයාගෙන තිබේ.
තිස් දෙහැවිරිදි සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.