Colombo Today Local News

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව තිබේ.

ඊයේ (30) උදෑසන කාලයේ එම මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගයෙකි.

එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බව පොලීසිය පවසයි.

මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී අති බව වාර්තා වෙයි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday