Colombo Today Local News

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

පසු ගිය (මැයි20) දින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයකු විසින් රැදවියාට ලබා දීම සදහා රැගෙන එන ලද පාර්සල් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් දැඩි සෝදිස්සියකට ලක්කර තිබේ.

එහිදී රැදවියාට ලබා දීම සදහා රැගෙන එන ලද මදක් පිසූ කුකුල් මස් වල කටු තුල සූක්ෂම ලෙස සගවා හෙරොයින් යැයි සැකකළ හැකි මිලිග්‍රෑම් 630 ක ප්‍රමාණයක් (630mg) අමුත්තන් පෙන්වීමේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන ලද පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය සමග ඉදිරි නීතිමය කටයුතු සදහා අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.

Related posts

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday