Colombo Today Local News

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

2023-6-1 සිට වසර 2ක කාලයක් සඳහා කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Sri Lanka Shipping Company Limited වෙත ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

බලශක්ති අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ය.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-11-21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතියට අනුවයි.

Related posts

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

අර්චුනාට බඩු බනිස් – මාලිමාවෙන් කෙළවයි

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

කොත්මලේ මහවැලි මහා සෑයත් රජයට පවරාගනී.. මල්වතු මහනාහිමියෝ දැඩි විරෝධය පලකරති

colombotoday