Colombo Today Local News

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණුවීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට හමුදාව සූදානම් කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.

දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා ඊයේ (14)දින විසුරුවා හැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ද හෙතෙම කීය.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පසුගිය සිකුරාදා (මැයි 12) ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබ තිබිණි.

Related posts

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

Admin

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

අන්තරේ පා ගමනේදී අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

Admin

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

colombotoday

නාවික කදවුර ඉදිරිපිට පඹයෙක් පුච්චා සිවාජිලිංගම් යකා නටයි.. රජයේ වාහනයකටත් පහර දෙයි

colombotoday