Colombo Today Local News

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.

මේ දිනවල ගර්භණී මව්වරුන් අධික උණුසුමට නිරාවරණය නොවී නිවෙසේම කාලය ගත කිරීම ඉතාම වැදගත් බව කොළඹ, කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ගැබිණි මව්වරුන් විශේෂයෙන්ම ජලය පානය කළ යුතු බවයි.

මෙහිදී දිනකට ජලය ලීටර් 3 – 4 ප්‍රමාණයක් පානය කිරීම වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.

තව ද සැහැල්ලු ඇඳුම් ඇදීමට මව්වරුන් යොමු විය යුතු බවත් සුදු පැහැ ඇඳුම් පරිහරණය තුළින් අධික උණුසුම් තත්ත්වය මග හරවා ගත හැකි බවත් ඔහු පවසයි.

ගර්භණී මව්වරුන් මෙම දිනවල දිවා කාලයේ දී කාර්ය බහුල මෙන්ම ජනාකීර්ණ ස්ථාන කරා නොයා නිවෙස් තුළ රැඳී සිටීම වැදගත් බව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

colombotoday

මහින්දට අනතුරු ඇගවීමක් !!

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday