Covid 19

යාපනය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවෙයි

යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කොට තිබේ.

මීට පෙර යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන පහසුකම් පසුගිය සතියේදී රෝහල් බලධාරීන් විසින් සපයා දෙනු ලැබ තිබිණි.

එම කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව අලුත් කොරෝනා රෝගීන් පස් දෙනා හමු වී තිබේ.

තවදුරටත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය පුරා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Related posts

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday