Colombo Today Local News

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ (19) දිනයේ දී වාර්තා වු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවය.

ඒ අනුව අද (20) දිනයේ දී ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

මගේ අමාත්‍යාංශය කෑලි හයකට කඩලා.. දේශපාලන ගේම් !

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

සංහිදියා කයිවාරුකරුවන්ගේ රෙදි ගැළවී වැටෙයි.. සමස්ථ දෙමළ ජනතාවටම ලැජ්ජා කරමින් දෙමළ අන්තවාදීන් තරම පෙන්වයි !

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday