World

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

සුඩානයේ Khartoum අගනුවර ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් වාර්තා වී තිබේ.

පවතින ගැටුම් මැද සටන් පාර්ශ්වයන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ගින්න හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි අවි ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව ගින්න පැතිර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවන භටයින්ට පවා එම ස්ථානයට ළඟා විය නොහැකි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ගින්නට ආසන්න ගොඩනැගිලිවල සිරවී සිටි පවුල් සියල්ල ඉවත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

සුඩාන හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායම් දෙකම පැය 24ක මානුෂීය සටන් විරාමයකට එකඟ වූ නමුත් මිනිත්තු කිහිපයක් ඇතුළත සටන් විරාමය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday