Colombo Today Local News

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

මරදාන මරියකඩේ ප්‍රදේශයේ වෙළඳසැලක තිබි අළෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර 15,000කට අධික තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගනු ලැබ තිබේ.

තම අධිකාරියේ නිලධාරින් අද පෙරවරුවේ වෙළඳසලක් පරික්ෂාවට ලක් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

වෙළෙඳසැලේ අළෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් විසින් එහිදි සොයා ගෙන තිබේ.

සඟවාගෙන සිටි බිත්තර තොගය රුපියල් 44 ක මිලකට එම වෙළඳසැල ඉදිරිපිට තබා අළෙවි කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

බිත්තර තොග සඟවා ගෙන හා වැඩි මිලට අළෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව ඔවුන් සදහන් කරයි.

Related posts

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday