මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදාදීම උත්සවයට ඊයේ (09)දින එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව, මෙම වර්ෂය තුලදී QR නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ටිකට් පත් මගීන්ට ලබා ගත හැකි නව ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.