මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පලකළ අදහසක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
“ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට ලැබුණු ප්රතිචාරයකට ප්රතිචාර දක්වමින් ඔහු මෙම අදහස සඳහන් කර තිබේ.
එහි සඳහන් වන්නේ මෙවැන්නකි.
“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් “ආ කසාදෙ හෙට” කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.”