Colombo Today Local News

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවකවධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

මාර්තු 28 වනදා බලංගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (29)දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.

Related posts

උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට නියමිතයි – ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති

colombotoday

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin