Colombo Today Local News

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර එහිදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි වැලිකඩහේන, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මිල්කෝ සමාගම සත්ව ආහාර සදහා අලෙවි කල කිරිපිටි ගැන පරීක්ෂණයක් කරන්න. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday