Uncategorized

බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් කරන්නැ. – මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

මුදල් ගෙවා තිබුණ ද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමය කියයි.

මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බව ද බෙදුම්කරුවෝ කියති.

Related posts

වැලිකඩ බදු දෙයි

colombotoday

සමන් රත්නායකත් CIDයට

Admin

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩියෙන් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

Admin

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday