World

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස 41,000 ඉක්මවයි

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට සහන කණ්ඩායම්වල අවධානය දැඩි සීත කාලගුණය මධ්‍යයේ නවාතැන් හෝ ප්‍රමාණවත් ආහාර නොමැතිව පීඩාවට පත්ව ඇති ජනතාවට උපකාර කිරීම කෙරෙහි යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අවසන් කර තිබේ.

මේ අතර රටවල් දෙකෙහි මිලියන 26කට මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.

සනීපාරක්ෂාව සහ බෝවන රෝග පැතිරීම වැනි සෞඛ්‍ය ගැටලු පාලනය පිළිබඳව ද ජාත්‍යන්තර සංවිධාන සිය අවධානය යොමු කර තිබේ.

Related posts

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday

ඉතාලියේ භූ කම්පනයක්

Admin