Colombo Today Local News

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (4)දින නිල වශයෙන් දැනුම් දී ඇත.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට බව ත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බව ත් එජාප නායකයන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී ඊයේ (4) සවස හමුවූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප නායකයන්ට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරට ත් කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගි වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේ දැයි දැනුම් දිය යුතුව ඇතැයි ද කියා සිටියේ ය.

Related posts

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

“අපි අළුත් ව්‍යවස්ථාව ගේන්නේ කැඩී, බිදී ගිය රට එක්සත් කරන්නයි“ – සජිත් ප්‍රේමදාස

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin